ජිනීවා යෝජනාවෙන් විදේශීය බලපෑම්වලට විවෘත අවස්ථාවක් ලබාදීලා - ගම්මන්පිළ

Monday, 19 October 2015 - 19:42

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85
ජිනීවා මානව හිිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකානු යෝජනාවෙන් ජාතික ගැටළුව විසදීමේ අයිතිය විදේශීය බලවේගවලට පවරා ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. මෙරට ආරක්ෂක අංශ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද යෝජනාවෙන් විධාන නිකුත් කර ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද සංවිධාන කර තිබූ ජන රැළියකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ජාතික නිදහස බිළිදෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි ජන සමුළුව මැයෙන් ඒකාබද්ධ විපක්ෂය මෙම ජන රැළිය සංවිධානය කර තිබුණේ කොළඹ විහාරමහාදේවි උද්‍යාන එළිමහන් රංග පීඨයේදියි. ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සිටියා.

එම පක්ෂ නියෝජනය කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර ඇතුළු පිරිසක් වේදිකාවේ රැදී සිටින අතර ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක, සාලින්ද දිසානායක, රංජිත් සොයිසා, ගීතා කුමාරසිංහ සහ කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එළිමහන් රංග පීඨයේ පියගැට මත ජනතාව සමඟ රැදී සිටි බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

ජිනිවා යෝජනාවෙන් ප්‍රකාශිත අධිකරණ ක්‍රියාවලියම දෙමුහුන් බව ඒකාබද්ධ විපක්ෂයේ ජන සමුළුවට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories