වත්මන් රජය ජිනිවා නුවර දී පිළිගත්තේ, පැවති රජය ප්‍රතික්ෂේප කළ යෝජනා - පා.ම. දිනේෂ් ගුණවර්ධනගෙන් චෝදනා

Tuesday, 20 October 2015 - 8:12

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%2C+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
මහින්ද රාජපක්ෂ රජය යටතේ කිහිප වතාවක් ප්‍රතික්ෂේප කළ ජිනිවා යෝජනා වත්මන් රජය විසින් පිළිගෙන ඒවායේ පාර්ශවකරු බවට පත්ව ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ජාතික නිදහස බිළිදෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි ජන සමුළුව මැයෙන් ඒකාබද්ධ විපක්ෂය, කොළඹ විහාරමහාදේවි උද්‍යාන එළිමහන් රංග පීඨයේදි ඊයේ සංවිධාන කර තිබූ සමුළුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කළේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ ඇමරිකානු යෝජනාව හරහා මෙරට තුළ සිදුනොවූ යුද අපරාධ සිදුවූ බවට ඔප්පු කිරීමට උත්සාහයක් පවතින බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ ජන සමුළුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සිටියා.

එම පක්ෂ නියෝජනය කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර ඇතුළු පිරිසක් වේදිකාවේ රැදී සිටි අතර ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලූත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, විදුර වික්‍රමනායක, සාලින්ද දිසානායක, රංජිත් සොයිසා, ගීතා කුමාරසිංහ සහ කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එළිමහන් රංග පීඨයේ පියගැට මත ජනතාව සමඟ රැදී සිටියා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories