ආනන්ද සංගරීගේ පුත්‍රයාට කැනඩා පාර්ලිමේන්තුවේ අසුනක්

Tuesday, 20 October 2015 - 10:55

%E0%B6%86%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීගේ පුත්‍රයා වන ගැරී ආනන්ද සංගරී ඊයේ පැවැති කැනඩා මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි කරගෙන තිබෙනවා. ඔහු තරඟ වැදී ඇත්තේ මහමැතිවරණයේ ජයග්‍රාහකයන් වූ ජස්ටින් ටෲඩෝගේ ලිබරල් පක්ෂයෙන්. පසුගිය කැනඩා පාර්ලිමේන්තුවේ ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාධිකා සිට්සමේෂන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී ධුරයක් දැරුවා. එහෙත් ඇය ඊයේ පැවැති මහමැතිවරණයේදී පරාජයට පත්වී තිබෙනවා. කැනඩාවේ විශාල ශ්‍රී ලාංකික ජන කොටසක් වාසය කරන අතර, වැඩිම ශ්‍රී ලාංකික දෙමළ ජන කොටසක් වාසය කරන විදෙස් රට වන්නේ ද කැනඩාවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories