හිටපු ජනාධිපතිගේ මාධ්‍ය ලේකම්, රොහාන්ගෙන් පොලීසියට ප්‍රකාශයක්

Tuesday, 20 October 2015 - 12:54

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%2C+%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් වැලිවිට අද පෙරවරුවේ හෝමාගම පොලිසිය වෙත පැමිණියා. ඒ, පසුගිය රජය සමයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ තිබූ කැසට් පට තොගයක් අස්ථානගතවීම පිළිබඳ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව මොහු අද දිනයේ පොලිසිය වෙත කැදවූ බව හෝමාගම පොලිසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය හෙබවූ සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ තනතුරක් දැරූ රොහාන් වැලිවිට අදාල කැසට් පට තොගය රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සදහන්.

මේ වන විට ඔහු ප්‍රකාශයක් ලබාදී හෝමාගම පොලීසියෙන් නික්ම ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories