භාණ්ඩාගාර බිල්පත් ණය බිලියන 400කින් ඉහළ දැමීමේ යෝජනාව, අද යළිත් පාර්ලිමේන්තුවට

Tuesday, 20 October 2015 - 12:57

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+400%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400කින් ඉහළ නැංවීමේ යෝජනාව අද නැවතත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙනවා. දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය රවී කරුණානායක, ඉදිරිපත් කරන එම යෝජනාවට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. භාණ්ඩාගාර බිල්පත් ලෙස ලබාගත හැකි ණය සීමාව 2012 වසරේ සිට රුපියල් බිලියන 850 සීමාවේ පැවැති අතර, නව කෙටුම්පතට අනුව එය රුපියල් බිලියන 1250 දක්වා ඉහළ නැංවෙනු ඇති.

මීට පෙර භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව පසුගිය දින 100 රජය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අප්‍රේල් මස 7 වන දායි. දින 100යේ ආණ්ඩුවට සහාය පළ කරන බව කී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීම නිසා වැඩි ඡන්ද 21 කින් එම යෝජනාව පරාජයට පත්වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 31ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්. යෝජනාවට අදාළව ඡන්ද විමසීමක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාරයි.

එහෙත් එවකට ඇමති ධුර හෙබවූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද එහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ ද එදින ඡන්දය භාවිත කළේ මෙම යෝජනාවට විරුද්ධවයි.  

කෙසේ වෙතත්, අද ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබාගත හැකි ණය මුදල ඉහළ නංවා ගැනීමේ යෝජනාව සම්මත කර ගැනීමට හැකි වනු ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories