අදින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සාකච්ජා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙනවා. අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙල උරුමය, මුස්ලිම් කොංග්රසය ඇතුළු පක්ෂවල මන්ත්රීවරුන් සහභාගි වන බවයි වාර්තා වන්නේ.
එම රැස්වීමේදී අද දිනයේ ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබාගත හැකි ණය ප්රමාණය රුපියල් බිලියන 400කින් ඉහල නැංවීමේ යෝජනාව පිළිබඳව අවධාණය යොමු කෙරෙන අතර, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ලබන සිකුරාදා පැවැත්වෙන විවාදය පිළිබඳව ද සාකච්ජා කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර, ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා දැනුම් දෙනු ලැබුවේ ඉදිරි පලාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්රමයට පැවැත්වෙන බවයි. ඊට සූදානම් වන ලෙස දැන්වූ ජනාධිපතිවරයා සීමා නිර්ණය කමිටුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් ද පැහැදිලි කළා.

Follow US
Most Viewed Stories