ජිනීවා වාර්තාව සමඟ උදලාගම සහ පරණගම වාර්තාත් පාර්ලිමේන්තුවට

Tuesday, 20 October 2015 - 13:40

%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%8B%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිශ්ශංක උදලාගම කොමිසම් වාර්තාව, මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාව සහ ජිනිවා මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහිදී මහජන එක්සත් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ ඇමරිකානු වාර්තාව සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් යුද්ධය පැවැති කාලසීමාවේ ඝාතන සිදුවීම් 16ක් පිළිබඳ සොයා බැලීමට 2006 දී උදලාගම කොමිසම පත්කළා. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට මැක්ස්වෙල් පරණගම කොමිසම පත්කළේ 2013  වසරේදියි. උදලාගම කොමිසමේ වාර්තාව 2009 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇතත්, එය ප්‍රසිද්ධියට පත්වූයේ නැහැ.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම සභාපතීත්වය දැරූ කොමිසමට භාර වූයේ ඝාතන සිද්ධීන් 16 ක් පිළිබඳව පරීක්ෂා කිරීමයි. හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, මුතූර් හිදී සිදුවු සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය, කැබිතිගොල්ලෑවේ සාමාන්‍ය වැසියන් 68 දෙනාගේ ඝාතනය, දිගම්පතන ආරක්ෂක අංශ සාමාජිකයන් 98 දෙනාගේ ඝාතනය ආදි සිදුවීම් ඊට අයත්.

2013 වසරේ පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම කොමිසමට පැවරූ කාර්ය භාරයක් වන්නේ අවසන් යුද සමයේදී ජාත්‍යන්තර මානුෂීය නීති කඩ වූවා ද යන්න සොයා බැලීමයි. මේ පිළිබඳව සකස් කළ වාර්තාව පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories