අධිවේගී බෝට්ටුවකින් පැමිණි ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු සොයා තමිල්නාඩුවේ මෙහෙයුමක්

Tuesday, 20 October 2015 - 14:09

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාරිකුලි වෙරළේ අතැර දමා තිබූ අධිවේගී බෝට්ටුවකින් පැමිණි බව කියන ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු සොයා තමිල්නාඩු වෙරළ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම බෝට්ටුව පසුගිය ඔක්තෝම්බර් 13 වන දා සොයා ගැනුණු අතර එමගින් ශ්‍රී ලාංකිකයන් තමිල්නාඩුවට පැමිණි බවට තොරතුරු හෙළි වී ඇත්තේ ඊයේ දිනයේදියි. ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවයි තමිල්නාඩු පොලීසිය ප්‍රකාශ කළේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කේරළ ගංජා ජාවාරම සිදුවන ඔලයිකුඩා ප්‍රදේශයේ ද ආරක්ෂක මෙහෙයුම් පුළුල් කර ඇති බව තමිල්නාඩු වෙරළාරක්ෂක පොලීසියේ අතිරේක අධ්‍යක්ෂ ශෛලේන්ද්‍ර බාබු ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories