භාණ්ඩාගාර බිල්පත් ණය බිලියන 400 කින් වැඩි කිරීමට අනුමැතිය

Wednesday, 21 October 2015 - 8:14

%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+400+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400කින් ඉහළ නැංවීමේ යෝජනාව මෙන්ම මුදල් සහ බදු සංශෝධන පනත් කෙටුම්පත් 7 කට ඊයේ (20) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. භාණ්ඩාගාර බිල්පත් ණය ඉහළ නැංවීමේ යෝජනාවට අනුමැතිය හිමිවුණේ සංශෝධන රහිතවයි. දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය රවී කරුණානායක, ඉදිරිපත් කළ මෙම යෝජනාවට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

භාණ්ඩාගාර බිල්පත් ලෙස ලබාගත හැකි ණය සීමාව 2012 වසරේ සිට රුපියල් බිලියන 850 සීමාවේ පැවැති අතර, නව කෙටුම්පතට අනුව එය රුපියල් බිලියන 1250 දක්වා ඉහළ නැංවෙනු ඇති.

 මීට පෙර භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 400 ක් ලබාගැනීම සඳහා වන යෝජනාව පසුගිය දින 100 රජය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අප්‍රේල් මස 7 වන දායි.

දින 100යේ ආණ්ඩුවට සහාය පළ කරන බව කී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද ඊට එරෙහිව ඡන්දය භාවිත කිරීම නිසා වැඩි ඡන්ද 21 කින් එම යෝජනාව පරාජයට පත්වුණා.

යෝජනාවට පක්ෂව ඡන්ද 31ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්. එවකට ඇමති ධුර හෙබවූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද එහිදී ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ ද එදින ඡන්දය භාවිත කළේ මෙම යෝජනාවට විරුද්ධවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories