කොණ්ඩයා වෙනුවෙන් නීතීඥවරු තුන්දෙනෙකු මානව හිමිකම් කොමිසමට

Wednesday, 21 October 2015 - 8:31

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී අධිකරණයෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා වෙනුවෙන් නීතීඥයන් තුන්දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ (20) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, කොණ්ඩයා අත්අඩංගුවේ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළේ යැයි කියන පහරදීම් ඇතුලූ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින්.

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුනු පාසල් සිසුවා සහ එක්දරු පියා වෙනුවෙන්ද මීට පෙර මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් වුණා.

 මේ අතර දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ජීවත්වූ කොටදෙණියාව - ඉන්ගම්මාරුව ප්‍රදේශයට ප්‍රවේශවන මාර්ග දෙකකට කිිසියම් පිරිසක් හානිකර තිබූ අතර, ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන් පත්ව සිටියේ දැඩි දුෂ්කරතාවකටයි.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්ගේ මැදිහත්වීමෙන් ඊයේ මෙම මාර්ගය යළි යථා තත්ත්වයට පත් කෙරුණා. දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී කියා සිටියේ නීතිය අතට ගැනීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories