අල්ලස් කොමිසමේ නව සභාපති ටී.බී. වීරසූරිය - රාජ්‍ය සේවා කොමිසමේ සභාපති ඩී. දිසානායක

Wednesday, 21 October 2015 - 8:31

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A9%E0%B7%93.+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
අල්ලස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ටී.බී. වීරසූරිය පත්කර තිබෙනවා. මීට අමතරව හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වූ රංජිත් සිල්වා සහ නෙවිල් ගුරුගේ යන පුද්ගලයන් අල්ලස් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇති බවයි අල්ලස් කොමිසමේ  අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස  ඞී. දිසානායක පත්කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේක ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඒ.ඩබ්ලිව්.ඒ සලාම්, එම්.එස්. සෙනෙවිරත්න, ධාරා විජේතිලක, ප්‍රතාප් රාමුනුජන්, විජයලක්ෂ්මි ජෙගරාජසිංහම්, එම්.එල්.එම්. මෙන්ඩිස්, ආර්. රනුක්ගේ සහ සරත් ජයතිලක එහි සෙසු සාමාජිකයන්.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පොලිස් සහ මානව හිමිකම් කොමිසම් සභාවලට ද සාමාජිකයන් නම් කර ඊට අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories