සිරියාවේ සහ ඉරාකයේ මෙහෙයුම් සඳහා යොදවා ඇති ප්රහාරක ජෙට් යානා යළි කැදවීමට කැනේඩියානු නව අග්රාමාත්ය ජස්ටින් ටෲඩෝ තීරණය කර තිබෙනවා. නව අග්රාමාත්යවරයා මෙම තීරණයට එළඹී ඇත්තේ මැතිවරණ සමයේ ඔහු ලබාදුන් පොරොන්දුවකට අනුවයි. කැනේඩියානු හිටපු අග්රාමාත්ය ස්ටීවන් හාපර්ගේ පැවති රජය ප්රකාශයට පත් කර තිබුණේ 2016 වසර අවසන් වන තුරු අඛණ්ඩව සිරියාවේ සහ ඉරාකයේ මෙහෙයුම් සඳහා ප්රහාරක ජෙට් යානා යොදවන බවටයි.
Follow US
Most Viewed Stories