ජනවාරි 8 පරිවර්තනය යළි හරවන බවට ආණ්ඩුවට චෝදනා

Wednesday, 21 October 2015 - 9:31

%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+8+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7++%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් නිවැරදි විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන සිදුකරන ලෙස පුරවැසි සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලීමක් කරනවා. පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (20) කොළඹ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකදී එහි සමකැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කළේ සැමට සමව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාව පැහැදිළි පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය තුළ ජනවාරි 8 වනදා ඇතිවූ පරිවර්තනය ආපසු හැරෙන බවක් පෙනෙන්නට තිබෙන බව එහිදී අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා කියා සිටියා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories