විදේශ අමාත්‍යාංශයේ සහ තානාපති සේවයේ නිලධාරින් රැසකට වැඩ වරදී

Wednesday, 21 October 2015 - 13:55

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙලේ නිලධාරින් කණ්ඩායමක් වෙනත් ආයතන වෙත මාරු කර යැවීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. රාජ්‍ය රහස් හෙළි කිරීම, රජයේ ප්‍රතිපත්තීන්ට අනුව කටයුතු නොකිරීම සහ අකාර්යක්ෂමතාව මීට හේතුවී තිබෙනවා.

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඇතැම් නිලධාරින් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල වී ඇති බව ද රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ද අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, විදෙස් රටවල පිහිටි මෙරට තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවල සේවයේ නියුතු නිලධාරින් රැසක් ද යළිත් දිවයිනට ගෙන්වීමට තීරණය කර ඇති බව සඳහන්. එම කාර්යාලවල සේවය කරන ඇතැම් නිලධාරින් පසුගිය වසර 10 තුළ තානාපති සහ මහකොමසාරිස් කාර්යාලවල රාජකාරි සඳහා පත් කර ඇත්තේ විදේශ සේවයෙන් පිටස්තරව බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ඔවුන් යළි මව්බිමට කැඳවා එම තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාලවල රාජකාරි කටයුතු සඳහා විදේශ සේවය යටතේ සිටින නිලධාරින් පත් කිරීමටයි ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේදී යෝජනා වී ඇත්තේ.

පසුගිය ජනවාරි 8 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්වීමෙන් අනතුරුව රටවල් 33 ක සිටි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු යළි මෙරටට කැදවනු ලැබුවා. ඉන් අනතුරුව එම රටවල් සඳහා අලූතින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කිරීමට රජය පියවර ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories