පොලිස් නීති කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරයි

Wednesday, 21 October 2015 - 15:07

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වගකීම් පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් නීති කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින්ට පසුගිය 9 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. එහෙත් එදින පොලිස්පතිවරයා ඇතුළු පිරිස අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නැවත වරක් පසුගිය 16 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නොතීසි නිකුත් කෙරුණේ. ඒ අනුව එදින පොලිස්පතිවරයා ඇතුලූ නිලධාරින් අධිකරණය හමුවේ පෙනී සිටියා.

9 වනදා අභියාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට වූ නොතීසිය පොලිස් නීති කොට්ඨාශයට ලැබී ඇති අතර ඒ වනවිට පොලිස්පතිවරයා සිට ඇත්තේ විදේශ ගතවයි. පොලිස් නීති කොට්ඨාශයේ නිලධාරින් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නැවත වරක් පොලිස්පතිවරයාට නොතීසි නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා. එසේම, පොලිස්පතිවරයා අධිකරණ නියෝග මඟ හැර ඇති බවට පැවසෙන මාධ්‍ය වාර්තා ද පළ වූ බව සඳහන් කළ ඔහු, මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා තනතුරෙන් ඉවත් කර අදාළ නිලධාරින්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories