කොණ්ඩයාට ඇප නෑ

Wednesday, 21 October 2015 - 16:25

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B1%E0%B7%91
ඇප ලබාදීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් සේයා සදෙව්මි ඝාතන සිද්ධියේ සැකකරුවෙකුව සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ලබන නොවැම්බර් මස 23 දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර කෙරුණා. ඒ, වෙනත් වරදකට ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක හමුවට සැකකරු ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී කොණ්ඩයාගේ මව සහ සහෝදරිය අධිකරණයට පැමිණ සිටියා. එහෙත් ඔවුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තම සහෝදරයා ඇප ලබා නිදහස්වී පැමිණියහොත් ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ඇප ලබාදීමට ඉදිරිපත් නොවූ බවයි.

සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා නිදහස් කෙරුණු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඊයේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ, ගවයන් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා නිකුත් කළ වරෙන්තුවකට අනුවයි. එහිදී අත්තනගල්ල මහේස්ත්‍රාත් කවින්ද්‍යා නානායක්කාර නියෝග කළේ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා මෙම නඩුවෙන් නිදහස් කිරීමටයි. ඒ, නඩු විභාගය මේ වන විට අවසන් වී තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් අද යළිත් වරක් මහර බන්ධනාගාර නිලධාරීන් විසින් දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ, 2014 වසරේ යක්කල - එගොඩවත්ත ප්‍රදේශයේ නිවසකට බලෙන් ඇතුලූවීම සහ පුද්ගලයෙකුට පහරදී තුවාල කිරීමේ වරෙන්තුවක් සඳහායි. එහිදී ඔහුව රුපියල් 50 000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක නියෝග කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories