මැක්ස්වෙල් පරණගම වාර්තාවේ තියන දේවල් මෙන්න

Wednesday, 21 October 2015 - 21:44

%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පුළුල් සංවාදයක් මතුව තිබෙනවා.

එම නිසා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු පරණගම කොමිසම් වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන ඒමට අප හිරු ප්‍රවෘත්ති අංශයට කොමිෂන් සභාවේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා සජීවීව සම්බන්ධ කර ගැනීමට හැකි විය. එහිදී මැක්ස්වෙල් පරණගම මහතා මෙම වාර්තාවේ අඩංගු කරුණු ගැන විශේෂිත වූ තොරතුරු කිහිපයක් අප වෙත පැවසුවා.


01.මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව තහවුරු කරගත් සිද්ධීන් මොනවා ද?

යුද්ධය අවසන් කාලේ 40000ක් මිය ගියා කියලා ධනුෂ්මාන් වාර්තාවේ තියෙනවා එක අපි සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපිට වාර්තා වී ඇති ආකාරයට ඊට අඩු ගණනක් 7000ක් පමණ තමා මිය ගිහින් තියෙන්නේ. කොහොම වුනත් අපිටත් නිශ්චිතවම කියන්න බෑ කොපමණ මිය ගියාද කියලා.
යුද්ධය සිදුවූ අවස්ථාවේ මානව හිමිකම් නීති උල්ලංඝණය වූ අවස්ථාවන් හුඟාක් වාර්තා වුනා. යුධ හමුදාව විසින් සිවිල් වැසියන්ට ආරක්‍ෂිත කලාපයක් බිහි කළා එම ප්‍රදේශයටද සිවිල් වැසියන් සමඟ එල්.ටි.ටි.යි එකෙ සටන්කාමින් සිවිල් ඇඳුම් ඇඳගෙන යුධ හමුදාවට වෙඩි තිබ්බා. එම අවස්ථාවේ වෙඩි හුවමාරුවෙන් සිවිල් වැසියන් ගොඩක් මිය ගියා.

02.කෙසේ වෙතත්, චැනල් ෆෝ නාලිකාව නිෂ්පාදනය කළ වාර්තා චිත්‍රපටයේ අඩංගු කරුණු තහවුරු වී ඇති බව කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් බී.බී.සී. සංදේශය සහ බී.බී.සී. ලෝක සේවය අද වාර්තා කර තිබුණා. මෙහි පදනම කුමක්ද?

ඒ අර්ථකතනය සම්පුර්ණයෙන්ම වැරදි. අපි කියලා තියෙන්නේ ඒවා බරපතල චෝදනා ඒවා යම් යම් කරුණු වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ඒවා ගැඹුරින් විමර්ශනය කරන්න අපි තීරණය කළා.

03.කොමිෂන් සභා වාර්තාවේ අවසන් නිර්දේශය කුමක් ද?

වැරදි කරලා තියෙනවා නම් ඒවා විමර්ශනය කර දඬුවම් කරන්න කියලා අපි නිර්දේශ කරලා තියෙනවා.

මෙම සංවාදයේ වැඩි විස්තර පහත විඩීයෝවෙන් නරඹන්න





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories