දිස්ත්‍රික් 8කට නායයෑමේ අවදානම තවදුරටත් - සවස් කාලයේ වැසි

Thursday, 22 October 2015 - 10:02

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-++%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වඩා වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 08 කට  තවදුරටත් නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අධ්‍යනාංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේ බදුල්ල, මහනුවර, නුවරඑලිය, කළුතර, රත්නපුර, කෑගල්ල, මාතර සහ  මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම් තත්ත්වය බලපැවැත්වෙන බවයි. ඒ අනුව අද පස්වරු 6.30 දක්වා  අවදානම බල පැවැත්වෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories