විදෙස් ශ්‍රමික තොරතුරු පැය 24ම කටුනායකින්

Thursday, 22 October 2015 - 10:19

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94++%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
විදේශ රැකියා ක්ෂේත්‍රයට සම්බන්ධ  ඕනෑම තොරතුරක් දැන ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මැදිරියක් කටුනායක ගුවන්තොටුපලේ පිහිටුවා ඇති සහන පියසෙහි ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා. විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙම තොරතුරු මැදිරිය මීට පෙර බත්තරමුල්ලෙහි විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ පිහිටුවා තිබූ බවයි.

එහෙත්, කටුනායක ගුවන්තොටුපලේදී විදේශ ගත ශ්‍රමිකයෙකු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදී ඇති වන ගැටලූ මග හරවා ගැනීම සඳහායි මෙම පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මැදිරිය පිහිටු වීමට තීරණය කර ඇත්තේ.

භාෂා තුනෙන්ම ඒ අනුව තොරතුරු විමසීමට හැකියාව පවතින බවයි විදෙස් සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories