අවසන් යුද සමය හෝ අතුරුදන්වූවන් පිළිබඳව ඩෙස්මන් සිල්වා නමින් වාර්තාවක් නොමැති බව අග්රාමාත්යවරයා අද අවධාරණය කළා. ඒ, පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයට පෙර ප්රකාශයක් කරමින්.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රකාශ කළේ ශ්රීමත් ඩෙස්මන් ද සිල්වා, මැක්ස්වෙල් පරණගම කොමිසමට සහය දැක්වීම පමණක් සිදුකළ බවයි. අතුරුදන් වූවන් පිළිබඳ මැක්ස්වෙල් පරණගම කොමිසම වෙනුවෙන් ශ්රීමත් ඩෙස්මන් සිල්වා මෙන්ම ශ්රීමත් ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඬේවිඞ් ක්රේන් උපදේශකවරුන් ලෙස පත් කර තිබුණා.
අද පෙරවරුවේ ඩෙස්මන් ද සිල්වා ට තමන් කථා කළ බව පැවසූ අග්රාමාත්යවරයා ඔහුගේ නමින් වාර්තාවක් නොවන බව ඔහුද අවධාරණය කළ බව සඳහන් කළා. කෙසේ වෙතත් ඔහුට ලබාදී තිබූ ලිපි කිහිපයක් සොරකම් කර ඇති බව එහිදී සඳහන් වූයේ යැයි ද අග්රාමාත්යවරයා කියා සිටියා. මේ නිසා කවුරුන් හෝ ඩෙස්මන් ද සිල්වා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන්නේ නම් එය නැවැත්විය යුතුයි. එහි ඇතැම් විට සොරකම් කළ ලිපිද ඇතුලත් විය හැකියි. පාර්ලිමේන්තුව මේ පිළිබඳ පියවර ගත යුතු බවයි අග්රාමාත්යවරයා පැවසුවේ.

Follow US
Most Viewed Stories