කබලෙන් ලිපට වැටුනා වාගේ

Thursday, 22 October 2015 - 15:10

%E0%B6%9A%E0%B6%B6%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A
අනුරාධපුරය - සාලියපුර ප්‍රදේශයේදී අද දහවල් ගිලන් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගිලන් රථයේ ගමන් ගත් රෝගීන් තිදෙනා ඇතුලූ හයදෙනක් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනුරාධපුර පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පිරිස අතර අවුරුදු 12 ක දැරියක්ද සිටින බවයි.

මෙලෙස අනතුරට පත්වුණේ රඹෑව රෝහලේ සිට අනුරාධපුර රෝහල දක්වා ගමන් කළ ගිලන් රථයක්. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ  රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඡායාරූප - ඉන්දික පෙරේරා


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories