වනවාටු කථානායක ඇතුළු මන්ත්‍රීවරු 14 ක් හිරේ

Thursday, 22 October 2015 - 19:52

%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනක් වන වනවාටු රාජ්‍යයේ කථානායකවරයා ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු සිරගත කර තිබෙනවා.  වංචා දූෂණ සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවන්ට වැරදිකරුවන් වූ කථානායකවරයා ඇතුලූ මන්ත්‍රිවරු 14 දෙනා සිරගත කිරීමට පසුගියදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. එරට ජනාධීපතිවරයා විදේශගතවීම හේතුවෙන් වැඩබලන ජනාධිපති ධුරයට පත් කථානායකවරයා ජනාධිපති ධුරයේ බලතල භාවිතා කරමින් ඔහුගේ සිර දන්ඬුවම ලිහිල් කරගෙන තිබුණා. කෙසේ වුවත් සිය සංචාරය නිමා කොට යළිත් අද (22) දිවයිනට පැමිණි වනවාටු ජනාධිපති බෝල්ඞ්වින් ලොන්ස්ඬේල් නැවතත් කථානායකවරයා අදාළ චෝදනාවට සිර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories