සර්ව පාක්ෂික සමුළුව සති තුනකින් රැස් වේ -අලූත් යෝජනා සති 2 කින් අලූත් යෝජනා ඉල්ලයි

Friday, 23 October 2015 - 8:14

%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A+-%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+2+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් සති දෙකක කාලයක් තුළ ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සර්වපාක්ෂික සමුළුවෙන් ඉල්ලීමක් කළා. ඒ සඳහා සමුළුවට සහභාගි වූ පක්ෂවල එකඟත්වය පළ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂ නායකයින්ගේ මත විමසන සර්ව පාක්ෂික සමුළුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මෙම සර්ව පාක්ෂික සමුළුව ඉදිරියටත් පවත්වාගෙන යාමට ද එහිදී පොදු එකඟතාවයක් ඇති වී තිබෙනවා.  

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සර්ව පාක්ෂික සමුළුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 21 ක නියෝජිතයින් එක්ව සිටියා. එක් දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම්වරයා ඇතුළු තිදෙනෙකුට මීට සහභාගිවීමට අවස්ථාව හිමි වූ අතර පාර්ලිමේන්තුව නියෝජනය නොකළද ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාද මීට එක්වුණා.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් ලෙස දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර සහ උදය ගම්මන්පිල එක්ව සිටි අතර, ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන විමල් වීරවංශ මේ සඳහා සහභාගි නොවූ අතර, එම පෙරමුණ නියෝජනය කරමින් පැමිණ සිටියේ ජයන්ත සමරවීරයි.



















Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories