බිංගිරියෙදී මන්ත්‍රී වරයෙකුට පොලිසියෙන් පහර දීලා

Friday, 23 October 2015 - 9:09

%E0%B6%B6%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F
බිංගිරිය පොලිසියේ නිලධාරියෙක් තමන්ට පහර දුන් බව පවසමින් පඩුවස්නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රභාත් නලින්ද මහතා පෙරේදා රෝහල් ගත වී තිබෙනවා.

මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ අදාළ නිලධාරියා එහිදී තමාට නොකළ වරදකට ඈදමින් තම රියදුරු බලපත්‍රය පොලිසිය භාරයට ගත් බවයි.  

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රභාත් නලින්ද මහතා තම යතුරු පැදියෙන් විලත්තුව ප්‍රදේශයේ සිට හෙට්ටිපොළ ප්‍රදේශයට ගමන් කර ඇත්තේ ඊයේ දහවල් කාලයේ.
ඔහු පවසන්නේ ඒ අතරමගදී බිංගිරිය පොලිසියේ නිලධාරීන් තම යතුරු පැදිය නතර කළ බවයි.

එම තාවකාලික බලපත්‍රයේ වරද ලෙස දැක්වෙන්නේ ලියාපදිංචි නොකර ධාවනය කිරීම යන්නයි. කෙසේ වෙතත් ඔහුගේ යතුරු පැදියේ ලියාපදිංචි අංක තහඩු දක්නට ලැබුණා. අනතුරුව ඔහු ප්‍රතිකාර සදහා හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories