කුවේට් හිදී වද හිංසාවට ලක්වූ පොල්පිතිගම කාන්තාව දිවයිනට

Friday, 23 October 2015 - 13:17

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%AF++%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේට් - හවාලි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලාංකික රැකියා නියෝජිත ආයතනයකදී වද හිංසාවට ලක්වූ පොල්පිතිගම - මකුල්පොත - යාය 7 ප්‍රදේශයේ පදිංචි වයි.එස්.කේ. තිලකලතා අද (23) දිවයිනට පැමිණියා. විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ මැදිහත්වීමෙන් ඇය අද මෙලෙස දිවයිනට ගෙන්වාගෙන තිබුණා. විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරළ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද මෙම කාන්තාව සිය නිවැසියන් වෙත භාර දෙන බවයි.

මෙම කාන්තාව කටුනායක ගුවන්තොටුපලෙන් අද දිවයිනට පැමිණිය ද ඇය කිසිවක් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නැහැ. ඒ ඈ යම් කිසි මානසික ආතතියකින් පෙලීම හේතුවෙන්.

මෙම කාන්තාව කුවේට් බලාගොස් තිබුණේ මේ වසරේ මාර්තු මාසයේදීයි. ඇය සේවයට ගිය අවස්ථාවේදී ඇයට විවිධ කරදර හිරිහැරවලට ලක්වීමට සිදුව තිබුණා. ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මෙම ශ්‍රී ලාංකික කාන්තාව කුවේට්හි පිහිටි තම සේවයට පැමිණි විදේශ රැකියා නියෝජිත ආයතනය වෙත ගොස් ඇති අතර, එහිදී ඇය පහරදීමට ලක්ව තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories