බස් - ට්‍රක් ගැටී 42ක් මරුට

Friday, 23 October 2015 - 13:50

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+-+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+42%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දකුණු දිග ප්‍රංශයේ අද සිදුවූ රිය අනතුරකදී පුද්ගලයන් 42 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. දකුණු ප්‍රංශයේ - බෝඩෝ ප්‍රාන්තයේ ලිබෝන් නුවරදී බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

අනතුරෙන් රථ දෙකම ගිනි ගැනීමට ලක්වූ අතර මියගොස් ඇත්තේ බස් රථයේ ගමන් කළ පිරිසයි.

රිය අනතුර රටට ඉසිලිය නොහැකි ඛේදවාචකයක් බව ජනාධිපති ෆ‍්‍රාන්ෂුවා හොලාන්ඞ් ප්‍රකාශ කළා.

වයෝවෘද්ධ විශ්‍රාමිකයන් පිරිසක් බස් රථයේ චාරිකාවක් සඳහා යමින් සිටි බව සඳහන්.

අනතුරෙන් දිවි ගලවාගෙන ඇත්තේ 8 දෙනෙකු පමණයි. ඉන් 5 දෙනෙකුම එහිදී තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර ප්‍රංශ ඉතිහාසයේ වසර 33කින් සිදුවූ දරුණුතම රිය අනතුර ලෙස ද සැලකෙනවා.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories