UPDATE: විමල්ට ඇප - පාස්පෝට් කතාවේ ඇත්ත, නැත්ත හෙළිවේ

Friday, 23 October 2015 - 14:40

UPDATE%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%2C+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇප මත මුදා හැරුණා. මීගමුව මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හරින ලෙසයි.

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද (23) අලූයම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණේ යුරෝපයේ සංචාරයක් සඳහා විදේශ ගතවීමටයි. ඉතාලිය, ප්‍රංශය සහ එංගලන්තයේ  පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවකට මන්ත්‍රීවරයා එක්වීමට නියමිතව තිබුණා. එහෙත් ආගමන විගමන බලධාරින් ඔහු නැවත හරවා යවා තිබුණේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවට පවසමින්.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, තවත් ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීම සඳහා යළි  කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී රහස් පොලිසිය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. අනතුරුවයි ඔවුන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසුවා. එහි මාධ්‍ය ප්‍රකාශක, ලක්ෂාන් ද සොයිසා කියා සිටියේ මන්ත්‍රීවරයා 2011 වසරේදී ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති අතර එය නැති වූ බව සදහන් කර නැවත 2012 වසරේ ද ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

එහෙත් අද යළි ගමන් බලපත්‍රයක් ලබාගෙන පැමිණි නිසා මතු වූ ගැටළුවක් මත ඒ පිළිබද රහස් පොලීසිය දැනුවත් කළ බව ඔහු කියා සිටියා.    

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව පොලිස්  මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නැති වූ විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම යන චෝදනා මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ද කතාබහට ලක්වුණා. මුලින්ම මෙම ප්‍රශ්නය මතු කරනු ලැබුවේ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධනයි. ඊට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය මැදිහත් වුණා. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අධිකරණයෙන් ගැටළුවක් නොමැති නම්, මන්ත්‍රීවරයාට සිදුව ඇති සිද්ධිය ගැන සොයා බලා විදේශගතවීමට ඉඩ ලබාදීම පිළිබද ගැළුවක් නොමැති බවයි.  

පසුව මෙම සිදුවීම පිළිබඳව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුව දැනුවත් කළා. සභානායකවරයා අදහස් දක්වන අතරතුර විදේශ අමාත්‍ය මංගල සමරවීර ද අදහස් දක්වනු දක්නට ලැබුණා.  

කෙසේ වෙතත්, රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ ගුවන් ගමන් බලපත්‍ර දෙක රහස් පොලීසිය භාරයට පත් කරන ලෙසයි මහේස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර නියෝග කළේ. ලබන 28 වන දා නඩුව යළි කැදවීමට නියමිතව තිබෙනවා.

ඇප ලබාදීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් මෙම සිදුවීම පිළිබඳව කරුණු විමසා සිටියා. මන්ත්‍රීවරයා කියා සිටියේ අතපසුවීමක් නිසා මෙය සිදුවූ බවයි.

අස්ථානගත වූ ගමන් බලපත්‍රය යළි හමුවී ඇති බවත් තම කාර්ය මණ්ඩලය ඊට අදාළව වීසා ලබාගෙන ඇති බවත් ප්‍රකාශ කළ ඔහු, මෙම ක්‍රියාවලිය තම සංචාරය වැළැක්වීමේ අරමුණකින් සිදුකළේ දැයි සැක මතුවන බව ද සදහන් කළා.


Update: Friday, 23 October 2015 - 18:59
---------------------------------------------------

අත්අඩංගුවටගත් විමල් ට ඇප

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇප මත මුදා හැර තිබෙනවා.

මීගමුව මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හරින ලෙසයි.

විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අලූයම කටුනායක යුරෝපයේ සංචාරයක් සඳහා විදේශ ගතවීමට ගුවන්තොටුපල වෙත පැමිණි අතර, එහිදී ඔහුව ආගමන විගමන බලධාරින් නැවත හරවා යවා ඇත්තේ එම ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවට පවසමින්.

පසුව ඔහු තවත් ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීම සඳහා යලිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින්ගේ දැනුවත් කිරීම මත රහස් පොලිසිය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. අනතුරුවයි ඔවුන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ.

Update: Friday, 23 October 2015 - 16:42
---------------------------------------------------

විමල් වීරවංශ අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

ඔහු මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අලූයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත්තේ යුරෝපයේ සංචාරයක් සඳහා විදේශ ගතවීමටයි. එහිදී ඔහුව ආගමන විගමන බලධාරින් නැවත හරවා යවා ඇත්තේ එම ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවට පවසමින්. පසුව ඔහු තවත් ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීම සඳහා යලිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින්ගේ දැනුවත් කිරීම මත රහස් පොලිසිය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඩුබායි බලා පිටත්වීම සඳහා අද අලූයම කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබුණා. මන්ත්‍රීවරයා සතුව අවලංගු ගමන් බලපත්‍රයක් පැවතීම හේතුවෙන් ගුවන්තොටුපල බලධාරින් ඔහු හරවා යවා ඇත.

ඉන් අනතුරුව අද උදෑසන තමන්ගේ ගමන් බලපත්‍රය අස්ථානගත වූ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා තලංගම පොලිසියේ පැමිණිල්ලක් ද ගොනුකර තිබෙනවා. ඒ අනුව, නව විදේශ ගමන් බලපත්‍රයකින් උදෑසන 10 ට පමණ යළිත් විදේශ ගත වීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගුවන්තොටුපල වෙත පැමිණ ඇති අතර, ඔහුට වීසා නිකුත් කර ඇත්තේ පැරණි ගමන් බලපත්‍රයට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විදේශ ගතවීමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින් ඔහුව හරවා යවා ඇති බව මුල්වරට පාර්ලිමේන්තුවට අනාවරණ කළේ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි. ඒ පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස කථානායකවරයා ආණ්ඩු පක්ෂයට දැනුම් දුන් අතර, ඒ අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළා.

ඔහු කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවලංගු ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් විදෙස් ගත වීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත්, අගමැතිවරයාගේ මැදිහත්වීම මත ඔහුට සිය විදෙස් සංචාරය සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා දී ඇති බව ද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නා.  

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories