කොණ්ඩයා පෙම්වතිය ගැන හෙළිකරයි

Saturday, 24 October 2015 - 8:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනයත් සමඟ සමාජයේ කතා බහට ලක් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඇප ලබා ඊයේ (23) මහර බන්ධනාගාරයෙන් නික්ම යාමෙන් පසු කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වුණා.  ඒ, ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් කිහිප දෙනෙකු ද සමඟයි.

එහිදී ඔහු තමන් අත්අඩංගුවට ගත් ආකාරය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ සිදුවූ පහරදීම් පිළිබඳව අදහස් පළ කළා. තමා කැළයක සැඟවී නොසිටි බව ප්‍රකාශ කළ ඔහු මිතුරෙකුගේ කුඹුරක වැඩ කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන පසුව බරපතල ලෙස පහර දුන් බව එහිදී කියා සිටියා.

දුනේෂ්  ප්‍රියශාන්ත තමන්ට එරෙහි චෝදනා ගැන  සහ තම පෙම්වතිය පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේ මාධ්‍යවේදීන් ඒ පිළිබදව කරුණු විමසූ අවස්ථාවේදියි. කටුගස්තොට ප්‍රදේශයේ තමාට පෙම්වතියක් සිටි බවත්, මෙම සිද්ධිය නිසා ඇය තමා අතහැර ගිය බවත් ඔහු ප්‍රකාශ කළා. තමාට කොණ්ඩයා යනුවෙන් නමක් නොතිබූ බවත් සදහන් කළ දුනේෂ් ප්‍රියශාන්ත කිසිදිනෙක සේයා දැරිය දැක නොමැති බව ද මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

පසුගිය දා සේයා සදෙව්මි ඝාතන නඩුවෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වරෙන්තු දෙකක් හේතුවෙන්. පසුව ගවයන් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක සාක්ෂි ලබාදීම සඳහා නිකුත් කළ වරෙන්තුවකට අදාළව ඔහු නිදහස් කෙරුණා. එහෙත් නිවසකට බලෙන් ඇතුළුවීම සහ පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට පසුගිය 21 වන දා ඔහුට අධිකරණයෙන් ඇප හිමි වුවත් ඇප ලබාදීමට කෙනෙකු නොමැතිවීම නිසා යළි බන්ධනාගාරයට යාමට සිදුවුණා. කෙසේ වෙතත් ඊයේ ඔහුගේ මව පැමිණ ඇප අත්සන් කිරීමෙන් අනතුරුවයි දුනේෂ් ප්‍රියශාන්ත මහර බන්ධනාගාරයෙන් පිට වුණේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories