UPDATE: අනුරපුර රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනයේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග

Sunday, 25 October 2015 - 8:04

UPDATE%3A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B7%8F%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, අනුරාධපුර මූලස්ථාන පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ, අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

එසේම ඝාතනයට ලක්වූ කරාටේ ශූරයෙකු ද වන වසන්ත සොයිසාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි වැඩබලන මහේස්ත්‍රාත්වරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේ.

ඊයේ රාත්‍රී 11.45ට තියුණු ආයුධ අතැතිව මුහුණු ආවරණය කරගෙන පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙම රාත්‍රී සමාජශාලාවට ඇතුළු වී පළමුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අනතුරුව එම පිරිස සමාජ ශාලාවේ දේපළවලට ද හානි කරමින් එහි සේවකයින්ට ද පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ ශාලාවේ හිමිකරු එම අවස්ථාවේ වෙනත් කාමරයක රැදී සිට ඇති අතර, ආරක්ෂිත කැමරා පද්ධතියෙන් සිද්ධිය නිරීක්ෂණය කර සමාජ ශාලාවේ ඉදිරිපසට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ පැමිණි පිරිස මොහු වට කර බිම වැටෙන තුරු පොලූවලින් සහ කඩුවලින් දරුණු ලෙස පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ. අනතුරුව පැමිණි පිරිස කළමනාකරුගේ ලාච්චුවේ තිබූ මුදල් ද විදේශීය මත්පැන් බෝතල් ද කොල්ල කා පැමිණි ලොරියක් වැනි වාහනයකින් පළා ගොස් ඇති බව පොලීසිය කියා සිටියා.  එසේ යන අවස්ථාවේදී ඔවුන් සමාජ ශාලාව අසළ නවතා තිබූ වාහනවලට ද හානි කර තිබෙනවා.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටියා. මෙහිදී බරපතල තුවාල ලැබූ සමාජ ශාලාවේ කළමනාකරු සහ තවත් සේවකයින් දෙදෙනෙකු මේ වන විටත් එම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඝාතනයට පැමිණි සැකකරුවන්ට අයත් යැයි සැක කෙරෙන මුහුණු ආවරණ සහ අත් ආවරණ කිහිපයක් ද උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය අද උදෑසන සොයා ගත්තා. මෙම සැකකරුවන් පොහොර උරවලින් සැරසී සිට ඇති බව  සිසී ටිවී දර්ශන මගින් අනාවරණ වී තිබෙනවා. ආරක්ෂිත කැමරාවල පටිගත වී ඇති දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ඊයේ රාත්‍රී සිදුවූ පහරදීමෙන් ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා 57 හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙක්. මොහු ගිනස් වාර්තා කිහිපයකට ද හිමිකම් කියන අතර, ගැටුම ඇති වූ සමාජ ශාලාවට එරෙහිව පසුගිය කාලවකවානුවේදී ආගමික නායකයින් ඇතුළු ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා ද එල්ල වුණා. ඒ, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ මෙවැනි සමාජ ශාලාවක් පවත්වාගෙන යාම හේතුවෙන්. එසේම ඝාතනයට ලක්වූ වසන්ත සොයිසාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතිනවා. මෙම සමාජ ශාලාවට පැමිණි ගනුදෙනුකරුවෙකුට පහර දී ඔහුගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ නඩුවක් ද ඊට අයත් බවයි අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.




Update: Sunday, 25 October 2015 - 18:40
---------------------------------------------------

අනුරාධපුර - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරු ඝාතනය කළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම්, පොලීසියට නියෝග කර තිබෙනවා. අද පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇය මෙම නියෝගය නිකුත් කළ බවයි අනුරාධපුර හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. එසේම මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එම වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියදර්ශනී කාරියවසම් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කර තිබෙනවා. ඊයේ රාත්‍රී 11.45ට පමණ පැමිණි 20 දෙනෙකුගෙන් පමණ කණ්ඩායමක් මෙලෙස පහර දී කපා කොටා ඝාතනය කර තිබුණේ කරාටේ ශූරයෙකු ද වන වසන්ත සොයිසා නමැත්තායි.


Update: Sunday, 25 October 2015 - 13:40
---------------------------------------------------
අනුරපුර කරාතේ ශූරයා ඝාතනයට යොදාගත් අත්වැසුම් සහ මුහුණු ආවරණයක් හමුවේ

අනුරාධපුරයේ රාත්‍රී සමාජශාලාවේ හිමිකරු ඝාතනයට පැමිණි සැකකරුවන් භාවිතා කළ බවට සැක කෙරෙන මුහුණු ආවරණයක්, අත්වැසුම් කිහිපයක් සහ ඒවා බහාලීමට යොදාගත් බෑගයක් පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ල ආසන්නයේ තිබියදී මෙම මුහුණු ආවරණ සහ අත්වැසුම් හමුවූ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

ඊයේ (24) රාත්‍රියේ අනුරාධපුර - කඩ පනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජශාලාවට  කඩු පොලූ සමඟ කඩාවැදුණු විසිදෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමාජශාලාවේ හිමිකරුට සහ සේවකයන්ට පහරදී තිබුණා. මෙම පහරදීමෙන් කරාතේ ශූරයෙකුද වන සමාජශාලාවේ හිමිකරු වසන්ත සොයිසා මියගිය අතර, කළමනාකරු සහ තවත් සේවකයන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායම් 3 ක් සැකකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී සැක මතුව ඇත්තේ සමාජශාලා හිමිකරු සමඟ කාලයක් තිස්සේ පැවති පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුකරන්නට ඇති බවයි. එමෙන්ම මෙම සමාජශාලාව සම්බන්ධයෙන් පසුගිය කාලවකවානුවේ විවිධ කථාබහ පැවතුණා. අනුරාධපුර පූජා නගරය ආසන්නයේ මෙවැනි සමාජශාලාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මේ වනවිටත් නඩු දෙකක් විභාග වෙමින් පවතිනවා.

Update: Sunday, 25 October 2015 - 12:39
---------------------------------------------------

රාත්‍රී සමාජ ශාලාවට 20ක් කඩා පැන කරාටේ ශුරයා ඝාතනය කරයි

අනුරාධපුරය - කඩපනහ - මුදිතා මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට ඊයේ (24) රාත්‍රි 11.45 ට පමණ ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් පිරිසක් කඩුවලින් සහ පොලූවලින් පහරදී එහි හිමිකරු ඝාතනය කර තිබෙනවා.

කරාටේ ශූරයෙකුද වන 57 හැවිරිදි වසන්ත සොයිසා  අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම පහරදීම සඳහා මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ පැමිණ ඇති අතර, ඔවුන් රාත්‍රි සමාජ ශාලාවේ දේපළවලටද හානි කර තිබෙනවා.

එමෙන්ම, පහරකෑමෙන් තුවාල ලැබූ එම රාත්‍රි සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු සේවකයින් තුන් දෙනෙකුද මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මීට පෙරද පොලිස් නිලධරයකු බව කියන පුද්ගලයකු සාදයකට සහභාගීවී සිටියදී මියගිය බව පැවසෙනවා. මෙම රාත්‍රී සමාජ ශාලාවේ අකටයුතුකම් රැසක් සිදුවන බවටද  ප්‍රදේශයේ ජනතාව සඳහන් කර තිබුනා.

පසුගිය වර්ෂයේ  නොවැම්බර් 11 දා අලුයම අනුරාධපුර මූලස්ථාන පොලිසිය විසින් මෙම ස්ථානය  වටලනු ලැබූවේ රාත්‍රී සමාජ ශාලාව නීති විරෝධී බව පවසමින්. එහි දී කාන්තාවන් 8ක් සහ එහි කළමනාකරු මෙන්ම හිමිකරුද අත්අඩංගුවට ගත්තා.

වසන්ත සොයිසා ගිනස් වාර්තාවක් ද පිහිටුවා ඇති බව සඳහන්.


















(ඡායාරූප - අමිල වනසිංහ)




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories