මාතර සිදුවු ඝාතනයකට 4 ක් අත්අඩංගුවේ

Sunday, 25 October 2015 - 8:10

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+4+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මාතර ප්‍රදේශයේදී ගිනි අවියකින් හිසට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව පොලිසිය මඟ හරිමින් සිටි සැකකරුවන් 04 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැප්තැම්බර් මස 16 වනදා මෙම ඝාතනය සිදුකර තිබූ අතර, තුඩාව ප්‍රදේශයේදී සහ මාතර බස් නැවතුම්පොලේදී පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අවුරුදු 30,36 සහ 38 වයස්වල පසුවන සැකකරුවන් වඳුරඹ, උයන්වත්ත, හිත්තැටිය සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් ඊයේ (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories