ශ්‍රී ලංකාව, ජගත් සංවිධානයෙන් වන්දි ඉල්ලයි

Sunday, 25 October 2015 - 8:27

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කාලගුණ වෙනසේ බලපෑම් නිසා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන මූල්‍යමය හානියට වන්දි ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. මිහිතලය උණුසුම්වීම නිසා ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජලගැලීම්, නායයෑම් ඇතුලූ ස්වභාවික විපත්වලට වැඩි වශයෙන් ගොදුරුවීමට සිදුවීමයි ඊට හේතු ලෙස දක්වා ඇත්තේ.

2007 වසරේ සිට 2011 වසර දක්වා එවැනි ස්වභාවික විපත් සඳහා සහන සැළසීමට ශ්‍රී ලංකාවට දැරීමට සිදුවූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 130 ක්. එම මුදල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි ශ්‍රී ලංකාව පසුගිය සතියේ ජගත් සංවිධානය වෙත ඉදිරිපත් කෙරුණු පිටු හතකින් යුත් යෝජනාවලියේ දැක්වෙන්නේ. ජාතික සැළසුම් සහ සංවර්ධනය උදෙසා කාලගුණ වෙනසේ හානිය නිරවුල් කරගැනීම ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ වාර්තාවේ තේමාවයි.

ලෝකයේ රටවල් 195 ක සහභාගීත්වයෙන් ලබන දෙසැම්බරයේ පැරිස් නුවරදී මිහිතලය උණුසුම්වීමට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සම්මුතියක් සකස් කෙරෙනවා. ඊට අදාළවයි ශ්‍රී ලංකාව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ.

එමෙන්ම හරිතාගාර වායු මුක්තවීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගනු ලබන පියවරද එහි සඳහන් කර තිබෙනවා.

2030 වනවිට හරිතාගාර වායු නිපදවීම සියයට 7 කින් කපා හැරීම එවැනි එක් පියවරක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories