වෙලේ සුදාගේ නංගීගේ මෝටර් රථයෙන් තවත් මත්කුඩු මතුවෙයි

Sunday, 25 October 2015 - 17:04

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%82%E0%B6%9C%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගැණුනු වෙලේ සුදාගේ බාල සොහොයුරිය ගමන් ගත් මෝටර් රථයේ තිබී තවත් හෙරොයින් ග්‍රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථය රහස් තැනක මෙම හෙරොයින් තොගය සඟවා තිබියදී සොයා ගෙන ඇති බවයි. හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 520 ක් සමඟින් පසුගිය 21 වනදා බොරැල්ල ප්‍රදේශයේදී වෙලේ සුදාගේ බාල සොහොයුරිය වන ගම්පලවිදානගේ දිලිනි නිල්මිණි අත්අඩංගුවට ගැණුනා. පසුගියදා හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා.  ඒ හෙරොයින් ග්‍රෑම් 7 යි දශම බින්දුවයි 5 ක් ළඟ තබාගැනීමේ චෝදනාවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories