නීති කඩන වෙළඳුන්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් හෙළිවේ

Monday, 26 October 2015 - 15:11

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පාරිභෝගික නීති උල්ලංගනය කරන වෙළදසැල් හිමියන් බිය ගන්වා මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පිළිබද අනාවරණ වී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා. පාරිභෝගික පනත උල්ලංගණය කරන වෙළදුන් අමතන ජාවාරම්කරුවන් ඔවුන් පිළිබද තොරතුරු පාරිභෝගික අධිකාරියට ලබාදෙන බව පවසා මෙලෙස මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇත්තේ ඊසි කෑෂ් ක්‍රමයෙන්. මීට අදාළව පැමිණිලි රැසක් තමන් වෙත ලැබී ඇති බවත්, එවැනි වංචනික පුද්ගලයන් පිළිබද කඩිනමින් තොරතුරු ලබාදෙන ලෙසත්, පාරිභෝගික අධිකාරිය වෙළදුන්ගෙන් ඉල්ලා සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories