අතීත අභිමානය අනාගත පරපුර වෙනුවෙන් දායාද කරනවා - ජනපති

Tuesday, 27 October 2015 - 8:20

%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප වර්තමානයේ ඒ පිළිබදව උදම් අනනවා සේම එම අතීත අභිමානයන් අනාගත පරපුර වෙනුවෙන් ද භාර කිරීමට කැප විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ - ආනන්ද විද්‍යාලයේ ඊයේ (26)පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

විශේෂයෙන්ම කිසිදු රටකට නොමැති ගෞරවනීය මහා ශ්‍රේෂ්ඨ කතාවක් කියාපාන ඉතිහාසයක් ද අපට ඇති බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කළේ. අප සංස්කෘතිය රැක ගනිමින් නවීන ලෝකය ජය ගැනීමට දරුවන් පුරුදු පුහුණු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ. එමෙන්ම දරුවන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් ඉදිරියේදී ගොඩනගන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories