සිසුන් මත්ද්‍රව්‍යවලින් බේරාගැනීමට විශේෂ පාසල් කමිටු

Tuesday, 27 October 2015 - 20:24

%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94
පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට යොමුවීම වළක්වා ගැනීම සඳහා පාසල් මට්ටමින් කමිටු පිහිටුවීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. මීට අමතරව ලබන නොවැම්බර් දෙවනදා සිට 9 වනදා දක්වා දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණුනින් ළමා සුරක්ෂිතතා සතියක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මත්වන ඖෂධ අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එවැනි ස්ථාන සම්බන්ධයෙන් දෙමව්පියන්, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අවධානයෙන් සිටිය යුතු බවයි.

 මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය චමීර නිලංග සමරසිංහ සඳහන් කළේ එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් ස්නායු දුර්වලතා ඇති විය හැකි බවයි.

 
 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories