ලංකාවටත් එල් නිනෝ තත්ත්වයක්

Tuesday, 27 October 2015 - 21:12

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%9D+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසරේ අවසන් කාර්තුවේදී ශ්‍රී ලංකාවට එල් නිනෝ කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ලොව ඇතැම් ප්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප්‍රදේශයකට මහා ජල ගැලීම් ඇතිවිය හැකි මෙම කාලගුණ තත්ත්වයේදී ශ්‍රී ලංකාවට අධික වැසි ඇතිවේ යැයි අපේක්ෂා කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාලගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ පැසිෆික් සාගරය ආශ්‍රිතව එල් නිනෝ තත්ත්වයක් පවතින හෙයින් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

සෑම පස් වසරකට වරක්ම එල් නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි අතර, එය ප්‍රබල ලෙස බලපාන්නේ වසර 12 කට වරක් බව කාලගුණ විද්‍යාඥයින්ගේ මතයයි.

අවසන් වරට ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් උදාවූයේ 1997 - 1998 කාලවකවානුවේදීයි.

පැසිෆික් සාගර මුහුදු ජලය උණුසුම්වීමෙන් හටගැනෙන එල් නිනෝ සංසිද්ධිය මුළු ලෝකයේම කාලගුණ රටාවන් කෙරෙහිම බලපෑම් ඇති කරනවා.

එමෙන්ම, පැසිෆික් සාගරය ආශ්‍රිතව හට ගෙන ඇති එල්නිනෝ තත්ත්වය මෙතෙක් හටගන්නා ලද එල් නිනෝ තත්ත්වවලින් බරපතලම එල් නිනෝ තත්ත්වයක් වනු ඇති බවටයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරන්නේ.

 මේ අතර උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (27) රාත්‍රියේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.  
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories