මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඩෙංගු - කථානායකවරයාටත් පැමිණිල්ලක්

Wednesday, 28 October 2015 - 12:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+-+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සීග්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්ධනයට බලධාරීන් කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අද කතානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එමඟින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් දක්වා ඇත්තේ ඩෙංගු සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් නිවාස සංකීර්ණයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී ඇති බවයි.

මාදිවෙල පිහිටි මෙම පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය නිවාස 225කින් සමන්විතයි. එම නිවාස නඩත්තු කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නඩත්තු අංශය විසින්. මන්ත්‍රීවරුන් ඇතුළුව 1000කට අධික පිරිසක් මෙම නිවාසවල ජීවත් වනවා. පසුගිය මාසයක පමණ කාලසීමාව තුල මන්ත්‍රී නිවාස වල ජීවත් වන 15 දෙනෙකු පමණ ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සඳහන් කළේ. තවත් සැලකිය යුතු පිරිසක් උණ රෝගයෙන් පෙළෙන බව වාර්තා වනවා. මතුව ඇති තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු නඩත්තු අංශයට මෙන්ම නිවාස සංකීර්ණයේ ජීවත් වන ඇතැම් පුද්ගලයින්ට ද තමන් සිටින පරිසර පිරිසිදු කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories