ඇමති පියංකර ජයරත්න, බරපතල වංචා සොයන ජනපති කොමිසමට

Wednesday, 28 October 2015 - 12:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%BB+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකළ කැදවීමකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය පියංකර ජයරත්න අද බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම වෙත පැමිණියා. පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ආහාර සැපයුම් අංශයේ සිදුවූ මූල්‍ය වංචාවක් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කළේ මීට මාස කිහිපයකට ඉහතදියි. කොමිසමට පැමිණිලි ඉදිරිපත් වී තිබුණේ අවස්ථා තුනකදී මෙම මූල්‍ය වංචාව සිදුව ඇති බවටයි. එක් අවස්ථාවකදී මිලියන 77ක අක්‍රමිකතාවක් සිදුව ඇති බවටත් තවත් අවස්ථා දෙකකදී රුපියල් මිලියන ගණනක අක්‍රමිකතාවක් සිදුව ඇති බවටත් ජනාධිපති විමර්ශන කොමිසමේ මූලික විමර්ශන කටයුතුවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුවයි එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, වත්මන් රජයේ නීතිය සහ සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න ජනාධිපති විමර්ශන කොමිසමට කැදවනු ලැබුවේ. ඔහුට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණේ ලබන 30 වනදායි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ නිශාන්ත වික්‍රමසිංහට ද එදිනට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. කෙසේ වෙතත්, අමාත්‍ය පියංකර ජයරත්න ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඉදිරි දින කිහිපය තුළ තමන් විදේශගතවීමට නියමිතව ඇති හෙයින් අද කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙසයි. ජනාධිපති කොමිසම ඊට අවසර ලබාදී ඇති අතර ඒ අනුව අමාත්‍ය පියංකර ජයරත්න අද පෙරවරුවේ මෙලෙස ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියා.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරය කළ වෙළද දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනයට මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෙට සහ අනිද්දා දිනවලත්, ජනාධිපති කොමිසම මගින් මහජන සාක්ෂි විමසීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා කොමිසම හමුවේ යළිත් වරක් පෙනී සිටින ලෙසයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දී ඇත්තේ.

ගාල්ල වරායට ආසන්න මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන පසුව පොලීසියට භාර දුන් ඇවන්ගාඞ් නෞකාව පරීක්ෂා කිරීමට ද බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ වන විට ගාලූ වරාය වෙත ළඟා වී තිබෙනවා. කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ එම කාර්ය සඳහා එක්වන තම කොමිසමේ නිලධාරීන් 5 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති කොමිසමේ ප්‍රධාන කාර්යාලයේ සිට ගාලූ වරාය බලා පිටත්ව ගිය බවයි. රක්නාලංකා ආරක්ෂක සමාගම සම්බන්්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව ඇවන්ගාඞ් නෞකාව පරීක්ෂා කරන බවයි කොමිසමේ ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ.

එමෙන්ම බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ පසුගිය මාස දෙකේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට ද නියමිතව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories