කොමිසම ඇවන්ට්‌ගාඩ් නෞකාව ඇතුළට

Wednesday, 28 October 2015 - 20:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8C%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A++%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%A7
බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් ගාල්ල වරාය ආසන්න මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන පසුව පරීක්ෂණ සඳහා පොලීසියට භාරදුන් ඇවන්ට්‌ගාඩ් නෞකාව අද (28) පරීක්ෂා කළා. නිලධාරීන් පස්දෙනෙකු ඒ සඳහා ගාල්ලට පිටත්ව ගිය අතර, ඔවුන් නෞකාවට ඇතුලූවී තිබුණේ පස්වරු එකයි තිහට පමණයි.

 නෞකාවේ ඇති බව කියන අවි ආයුධ සම්බන්ධයෙන් අද මෙන්ම හෙට දිනයේත් ඔවුන් සංගණනයක් සිදුකිරීමට නියමිත බව බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.  

නෞකාවේ අවි ආයුධ සම්බන්ධයෙන් සංගණනය සිදු කෙරෙන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගම ගැන සිදුකරන පරීක්ෂණයකට අදාළවයි. මෙම අවි ආයුධ එම සමාගමට ලබාදීමට ගෙන ආ බවට මීට පෙර වාර්තා පළවුණා.

 නාවික හමුදාව සිදුකළ මූලික පරීක්ෂණවලින් අනතුරුවයි මෙම නෞකාව පොලීසියට භාරදුන්නේ.

අදාළ නෞකාවේ විදේශිකයන් පස්දෙනෙකු ඇතුලූ තිස් තුන්දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටි බවට නාවික හමුදාව ආරක්ෂක අමාත්‍යාංශයට භාරදුන් වාර්තාවේ සඳහන් වුණා.

එසේම ටී 56 සහ 84 එස් වර්ගයේ ගිනි අවි 816 ක් සහ උණ්ඩ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් නෞකාවේ තිබෙන බවද එම වාර්තාවේ ඇතුළත් වුණා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories