කොස්ලන්ද - මීරියබැද්ද යට වී අදට වසරයි - පවුල් 74ක් තවමත් අවතැන්

Thursday, 29 October 2015 - 8:14

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+-+%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%93++%E0%B6%85%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+74%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A
කොස්ලන්ද - මීරියබැද්ද ප්‍රදේශය නායයෑමට ලක්වී අදට (29)  වසරක් ගතවනවා. පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වනදා උදෑසන 9.15 ත් 9.30 ත් අතර, නායයෑම සිදුවූයේ ප්‍රදේශයට පැවති අධික වර්ෂාපතනයත් සමඟයි.

පසුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු 13ක් සොයා ගැනුනා. අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු සඳහා යුද හමුදාවේ 700කගෙන් යුත් භට කණ්ඩයක් එක්වූ අතර නායයෑමට ලක්වී දින 12 කට පසුව අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු නතර කිරීමට රජය පියවර ගත්තා. ඒ, අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් ලිඛිතව ලැබුණු ඉල්ලීම් හේතු කොටගෙනයි.

 කෙසේ වෙතත් නායයෑම සිදුවී අදට වසරක් ගතවූවත් අවතැන්වූ පවුල් 74 කට අයත් පුද්ගලයින් 321 දෙනෙකු තවමත් ජීවත් වන්නේ් අවතැන් කඳවුරුවලයි. නායයෑම සිදුවී දින කිහිපයකට පමණ පසුව ඔවුන් සඳහා කොස්ලන්ද - මීරියබැද්ද පූනාගල ප්‍රදේශයේම පැරණි තේ කර්මාන්තශාලාවක් වෙන්කරනු ලැබුවා. ඔවුන් තවමත් එම තේ කර්මාන්තශාලාවේම ජීවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

 නායයෑමෙන් අවතැන්වූවන් සඳහා නිවාස ඉදිකිරීමට එවකට සිටි රජය පූනාගල - මකල්දෙණිය ප්‍රදේශයේ අක්කර කිහිපයක් වෙන්කළ අතර, නිවාස 75 ක් සෑදීම සඳහා මුල්ගල්ද තබනු ලැබුවා.

 කෙසේ වෙතත් එහි නිරීක්ෂණ චාරිකාවක නියැලූනු අප වාර්තාකරු සඳහන්කළේ තවමත් නිවාස හතරක් පමණක් ඉදිවෙමින් පවතින බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories