Update : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා සහ බන්දුල විජේවීරත් කොමිසම හමුවට

Thursday, 29 October 2015 - 8:30

Update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%8B%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් කොමිසමෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රවීන ගායන සහ රංගන ශිල්පියෙකු වන බන්දුල විජේවීර, රංගන ශිල්පිනී රුවන්ති මංගලද අද බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී  සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණවලට අදාළව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නද ඊයේ ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදුන්නා. අවස්ථා තුනකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආහාර සැපයුම් අංශයේ සිදුවූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව රුපියල් මිලියන 500 කට අධිකයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ බව කියන මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහද හෙට දිනයේ ජනාධීපති විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරෙක්. ජනාධිපති කොමිසමේ කැඳවීමට අදාළ නොතීසිය ලබාදීමට කොමිසමේ නිලධාරීන් ඊයේ ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසට ගියත් හිටපු සභාපතිවරයාගේ බිරිඳ නොතීසිය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, වසර ගණනකින් තම සැමියා වූ නිශාන්ත වික්‍රමසිංහ ගල්කිස්සේ නිවසට නොපැමිණි බව සඳහන් කරමින්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා නොතීසි භාරදීම සඳහා සොයාගැනීමට නොහැකි වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි ජනාධිපති කොමිසම පවසන්නේ.

මේ අතර ගාලූ වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඞ් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු ජනාධිපති කොමිසම ඊයේ ආරම්භ කළා. කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ ඇවන්ගාඞ් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කිරීමට හැකිවනු ඇති බවයි.



Update : Thursday, 29 October 2015 - 13:12
------------------------------------------------

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් කොමිසමෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සහ ප්‍රවීන ගායන සහ රංගන ශිල්පියෙකු වන බන්දුල විජේවීරද අද බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් මුදල් ලබාගත් බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙනුයි මොවුන් දෙදෙනා අද කැඳවා ඇත්තේ.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව සිදුකරන පරීක්ෂණවලට අදාළව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නද ඊයේ ප්‍රකාශයක් ලබාදුන්නා. අවස්ථා තුනකදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආහාර සැපයුම් අංශයේ සිදුවූ බව කියන මෙම මූල්‍ය අක්‍රමිකතාව රුපියල් මිලියන 500 කට අධිකයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ සොහොයුරෙකු වූ නිශාන්ත වික්‍රමසිංහද හෙට කොමිසම හමුවට කැඳවීමට තීරණය කර තිබුණා. ඒ අනුව ඊට අදාළ නොතීසිය ලබාදීමට කොමිසමේ නිලධාරීන් ඊයේ ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසට ගියත් හිටපු සභාපතිවරයාගේ බිරිඳ නොතීසිය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, වසර ගණනකින් තම සැමියා වූ නිශාන්ත වික්‍රමසිංහ ගල්කිස්සේ නිවසට නොපැමිණි බව සඳහන් කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories