ජාතික දන්තායතන ගොඩනැගිල්ල ලබන වසරේ ජනතා අයිතියට

Thursday, 29 October 2015 - 9:51

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
අලූතින් ඉදිකෙරුණු මහල් 09 කින් යුත් ජාතික දන්තායතන ගොඩනැගිල්ල ලබන වසරේ ජනවාරි මාසය පමණ වනවිට ජනතා අයිතියට පත් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. දැනට ජාතික දන්තායතන සායන පැවැත්වෙන්නේ මාළිගාවත්තේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලකයි. කෙසේ වෙතත් එහි යාමට ඇති අපහසුතාව හේතුවෙනුයි කොළඹ ජාතික රෝහල ආසන්නයේ පැරණි දන්තායතනය පිහිටි ස්ථානයේ මෙම මහල් 9 කින් යුත් ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින්නේ.

මුඛ සෞඛ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ වනවිටත් එහි අවසන් අදියරේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories