හිටපු ජනපති මහින්ද, කෙහෙළිය සහ උපේක්ෂා පැමිණෙයි

Thursday, 29 October 2015 - 10:39

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA++%E0%B7%83%E0%B7%84+%E0%B6%8B%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මේ වනවිට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැමිණ තිබෙනවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරය කළ වෙළඳ දැන්වීම් සඳහා ස්වාධීන රූපවාහිනියට මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු ජනාධිපතිවරයා සහ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මෙම කොමිසමට පැමිණ ඇත්තේ.

එමෙන්ම හිටපු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි ජනාධීපති කොමිසම හමුවේ පෙනී සිටින්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඔවුන්ට  සහය දැක්වීම සඳහා මෙම ස්ථානයට පැමිණ තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories