කාන්තාවක් නේපාලයේ ජනාධිපති පදවියට

Thursday, 29 October 2015 - 10:51

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
නේපාලයේ නව ජනාධිපති ලෙස පළමු වරට කාන්තාවක් පත්ව තිබෙනවා. ඒ, බිද්‍යා දේවි බන්ධාරි යි. නේපාලයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තෝරාගැනීමේ බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවටයි. කෙසේ වෙතත් එරට ජනාධිපතිවරයාට වැඩි බලතල පැවරී නොමැති අතර, එම ධුරය ගරු පදවියක් ලෙසයි සැළකෙන්නේ. බිද්‍යා දේවි බන්ධාරි පාලක කොමියුනිස්ට් පක්ෂයේ උප සභාපතිනියයි. ඇය ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ මීට වසර 22 කට පෙර සිය ස්වාමිපුරුෂයා අභිරහස් ලෙස මෝටර්  රථ අනතුරකින් මියයෑමෙන් පසුවයි. 54 වන වියේ පසුවන බිද්‍යා කෙටි කාලයක් නේපාලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories