Update: කරාතේ වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරුට රටින් පිටවීම තහනම්

Thursday, 29 October 2015 - 14:18

Update%3A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කරාතේ වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා නැමැත්තා විදේශගතවීම වළක්වාලමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට අද (29) තහනම් නියෝගයක් නිකුත් කළා. ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය ආගමන විගමන පාලකවරයාට තවදුරටත් නියෝග කළේ සැකකරුට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් හෝ වෙනත් ගුවන් තොටුපලකින් විදේශගතවීම වළක්වන ලෙසයි.

අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. අනුරාධපුර - දහයියාගම - කාර්මික පෙදෙසේ පදිංචි මෙම සැකකරු දැනට ප්‍රදේශය අතහැර පළාගොස් සිටින අතර, මොහු යුද හමුදා විශේෂ බලකායෙන් පැනගිය සෙබලෙකු වනවා.

මේ අතර, මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 08 දෙනෙකු ලබන මස 09 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනායි.

මොවුන් සියලූ දෙනා අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද ඊට අයත්. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලෙකු පොලිසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදීයි.

අද (29) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සමඟ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මුළු සැකකරුවන්ගේ සංඛ්‍යාව 23 ක්.

අයුතු ජනරාශියක නියැලීම, කුමන්ත්‍රණය කිරීම, අයුතු ඇතුළුවීම, මිනිමැරීම, මිනිමැරීමට තැත් කිරීම, මිනිමැරීමට ආධාර අනුබල දීම, බරපතල තුවාල සිදුකිරීම, දේපලවලට අලාභ හානි කිරීම, බියවැද්දීම, මුදල් කොල්ලකෑම සහ භාණ්ඩ පැහැර ගැනීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබෙනවා.

මේ අතර, කරාතේ වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අපරාධ සඳහා යොදාගත් බවට සැක කෙරෙන භාණ්ඩ 61 ක් සොයාගෙන තිබෙනවා. ඒවා අධිකරණ නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත යැවීමට අපේක්ෂා කරන බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කරාතේ ශූරයෙකු වන වසන්ත සොයිසා ඔහුට අයත් අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවේදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළේ පසුගිය 24 වනදා රාත්‍රියේයි. සිද්ධියෙන් එම සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තුන් දෙනෙකුද තුවාල ලැබුවා. 



Update: Thursday, 29 October 2015 - 15:44
-----------------------------------------------------
කරාතේ වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගැනුණු තවත් 08ක් රක්ෂිත බන්ධනාගාරයට

කරාතේ වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් 08 දෙනෙකු නොවැම්බර් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නදීකා ඞී පියරත්න අද (29) නියෝග කළා. මෙම සැකකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට පැමිණ වූ අවස්ථාවේදීයි විනිසුරුවරිය මෙම නියෝගය සිදුකර ඇත්තේ. මෙම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ පොලිසිය මගහැර පළාගොස් සැඟව සිටින සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළා. අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වන කරාතේ වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුද ඔවුන් අතර වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories