හොර ෆේස්බුක් ගිණුමක්, සිසුවියක් මරා සිසුවෙක් හිරේ දමයි

Thursday, 29 October 2015 - 16:25

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B7%86%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන 14 හැවිරිදි පාසල් දැරියක් දිවි නසා ගැනීම ගැන එම පාසලේ දසවන වසරේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් 20 වනදා ඇය තමන් ජීවත්වන නිවාස සංකීර්ණයේ සත්වන මහලෙන් බිමට පැන දිවි නසාගත්තා. අදාළ ශිෂ්‍යයා තම දියණිය පසුපස පැමිණි බවට පොලිසියට දන්වා ඇති බව සඳහන්. ඉන්පසු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර අවවාද කර නිදහස් කර තිබෙනවා. එහෙත් පොලිසියෙන් ප්‍රශ්න කිරීම ගැන උරණ වූ සිසුවා මියගිය සිසුවියගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර එහි අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර තිබෙනවා. මෙම ගිණුමේ ඡායාරූප දැකීමෙන් පසුවයි දැරිය දිවි නසාගෙන ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories