හිටපු ජනපති මහින්ද පැය 07 ක් ජනාධිපති කොමිසමේ

Thursday, 29 October 2015 - 19:25

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+07+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද (29) පැය 07 ක් බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ, පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිණියේ විකාශය වූ දැන්වීම්වලට අදාළව මුදල් නොගෙවීමේ සිද්ධිය සම්බන්ධයෙන්. අද දෙවන වරටත් අදාළ සිද්ධිය පිළිබඳ මහජන සාක්ෂි කැඳවීම සිදුවු අතර, හෙටත් එම සාක්ෂි විමසීම සිදුකිරීමට නියමිතයි. හිටපු ජනාධිපතිවරයාට අමතරව හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. මීට අමතරව ස්වාධීන රූපවාහිණි සේවයේ හිටපු සභාපතිවරයා සහ හිටපු සාමාන්‍යාධිකාරීවරයාද කොමිසම හමුවට කැඳවා තිබූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ. හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණවීර මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදිත ලොකුබණ්ඩාර සහ ඒ.එච්.එම්. අස්වර්ද කොමිසම වෙත පැමිණ සිටියා.

ජනාධිපති විමර්ශන කොමිසම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් උදෑසන සහ සවස තේ පැන් සංග්‍රහයක් මෙන්ම දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමූ බවයි එහි සිටින හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව අද සවස 5 ට පමණ ඉන් නික්ම යන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ අද දිනය පුරා කෙරුණේ කොමිසමේ රැඳී සිටීමට සිදුවීමෙන් තමන්ගේ වටිනා කාලය නාස්ති වූ බවයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවූයේ යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් කොමිසමෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි, ප්‍රවීන ගායන සහ රංගන ශිල්පියෙකු වන බන්දුල විජේවීර, රංගන ශිල්පිනී රුවන්ති මංගලාද අද බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී  සිටියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආහාර සැපයුම් අංශයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අමාත්‍ය පියංකර ජයරත්නද ඊයේ ජනාධිපති විමර්ශන කොමිසමට ප්‍රකාශයක් ලබාදුන්නා.

මේ අතර, බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම හමුවේ හෙට දිනයේ පෙනී සිටිය නොහැකි බවට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ නීතිඥයෙකු මාර්ගයෙන් අද එම කොමිසමට දැනුම් දී තිබෙනවා. තමා දැනට විදේශගතව සිටින බැවින් යළිත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නොවැම්බර් මස 20 වනදායින් පසුව බවයි ඔහු නීතිඥවරයා මාර්ගයෙන් දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හෙට දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නිශාන්ත වික්‍රමසිංහට දැනුම් දී තිබුණා. කෙසේ වෙතත්, ජනාධිපති කොමිසමේ කැඳවීමට අදාළ නොතීසිය ලබාදීමට කොමිසමේ නිලධාරීන් ඊයේ ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසට ගියත් හිටපු සභාපතිවරයාගේ බිරිඳ නොතීසිය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, වසර ගණනකින් තම සැමියා වූ නිශාන්ත වික්‍රමසිංහ ගල්කිස්සේ නිවසට නොපැමිණි බව සඳහන් කරමින්.

මේ අතර ගාලූ වරායේ නැංගුරම් ලා ඇති ඇවන්ගාඞ් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු අද (29* දෙවන දිනටත් සිදුකරමින් සිටිනවා. එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ ඇවන්ගාඞ් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු අද දිනය තුළ අවසන් කිරීමට හැකි වුවහොත් පරීක්ෂණ වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට කටයුතු කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories