ඇවන්ගාඩ් නෞකාවේ ගිනි අවි 816 ක් හමුදාවෙන් විකුණූ ඒවා බව හෙළිවේ

Friday, 30 October 2015 - 8:44

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+816+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ගාලූවරායේදී පරීක්ෂාවට ලක් කළ ඇවන්ගාඩ් නෞකාවේ තිබූ ගිනි අවි 816 ක් යුද හමුදාව , රක්නාලංකා ආරක්ෂක සමාගම වෙත විකුණන ලද ඒවා බව එම අවි පරීක්ෂා කළ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ ඒකකය අනාවරණ කරගෙන තිබෙනවා. එමෙන්ම, එහි තිබූ ගිනි අවි 20 ක් අතුරුදන්වී ඇති බවයි එහිදී හෙළි වී ඇත්තේ. එමෙන්ම, නෞකාවේ තිබී සොයා ගත් ගිනි අවි 59 ක් පිළිබඳව සැක මතුවන බව ද කොමිසම සඳහන් කළා.

බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ නිලධාරීන් ගාල්ල වරාය ආසන්න මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන පසුව පරීක්ෂණ සඳහා පොලීසියට භාරදුන් ඇවන්ගාඞ් නෞකාව බදාදා සිට පරීක්ෂාවට ලක් කළා. එම පරීක්ෂණ කටයුතු අද තුන්වන දිනටත් සිදුකිරීමටයි බරපතල වංචා විමර්ශනය කරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම තීරණය කර ඇත්තේ.

මේ අතර, පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනි ආයතනය වෙත නියමිත මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන මහජන සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද දිනයේත් බරපතල වංචා විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories