මියන්මාරයේ විපක්ෂයට කඩු ප්‍රහාරයක්

Friday, 30 October 2015 - 9:00

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මියන්මාරයේ ඓතිහාසික මහමැතිවරණයට සතියක් පමණක් තිබියදී යැන්ගූන් අගනුවර තදාසන්න ප්‍රදේශයක ඊයේ (29) පැවති විපක්ෂ ජනරැලියකට ප්‍රහාරයක් එල්ල වුණා. පිහි සහ කඩු අතැතිව කඩා වැදුණු පිරිස් එල්ල කළ  එම ප්‍රහාරයෙන් විපක්ෂ ක්‍රියාකාරින් රැසක් තුවාල ලබා තිබෙනවා. මියන්මාරයේ මහමැතිවරණය නොවැම්බර් 8 වනදා පැවැත්වෙන අතර එය වසර 25 කින් එරට පැවැත්වෙන ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයයි. මෙම මැතිවරණයෙන් විපක්ෂ නායිකා අවුන්සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය බලයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories