දිවයිනක් පිළිබඳව ප්‍රශ්නයක්

Friday, 30 October 2015 - 10:09

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
චීනය සහ පිලිපීනය අතර අයිතිය පිළිබඳ මතභේදයක් පැන නැගී ඇති දකුණු චීන මුහුදේ පගාසා දිවයින පිළිබඳව විභාගයක් සිදුකර තීන්දුවක් ලබාදීමට සූදානම් බව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය ප්‍රකාශ කළා. මෙම දිවයින චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් රැසක් අතර අයිතිය පිළිබඳ මතභේදයට තුඩුදී ඇති ස්පාර්ට්ලි දිවයින්වලට අයත්. පිලිපීනය අයිතිය කියන දිවයින සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට බේරුම්කරණයක් ලබාදිය නොහැකි බවට චීනය තර්ක කළේ එය තම ස්වෛරීත්වයට බලපාන කරුණක් බව සඳහන් කරමින්. කෙසේ නමුත්, හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය චීනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පිලිපීනයේ පැමිණිල්ල විභාග කළ හැකි බව ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories